කටුනායකට මිනිත්තු විස්සයි.


කොළඹ සිට කටුනායකට මිනිත්තු 20කින් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙතියි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. රුපියල් කෝටි 3913 ක චීන ශ්‍රී ලංකා ආයෝජනයකින් කිලෝමීටර් 25 ක් දිගැති කොළඹ කටුනායක මාර්ගය මංතීරු හතරකින් ඉදිකැරෙයි. 2009 දී වැඩ ඇරඹූ මේ මාර්ගයේ කැලණිය, පෑලියගොඩ, ජා ඇල, කෙරවලපිටිය හා කටුනායක මංසන්ධිවල ගුවන් පාලම් පහක් ඉදිකැරේ. මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළේය.