කටුනායකට ආ ඇමෙරිකා පිරිස පිටව යති


(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අච දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C - 17A වර්ගයේ ගුවන් යානා දෙකෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස දැඩි ආරක්ෂක රැකවල් යටතේ වාහන පෙළකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරීවරයෙක් පැවසීය .

ඊට පැය 03 කට පමණ පෙර , මෙම ගුවන් යානා වෙත පැටවීම සදහා පෙර ගමන් රථ (Radio Car ) සහ දැඩි ආරක්ෂක රැකවල් සහිතව ලොරි රථයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය .