හදිසි ගුවන් අනතුරක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අද කටුනායක දී පෙරහුරුවක් පැවැත්විණි.
මේ පෙරහුරුවට ගුවන් හමුදා සාමාජිකයෝ 340 දෙනෙක් එක්වූහ.
පෙරවරු 9.31ට ඩුබායි සිට ආ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයේ මගීන් බස්සවා ඊට ගුවන් හමුදා සෙබළු නැග්ගවූහ.
ඉන් අනතුරුව 11.30ට ගුවන් යානය හදිසියේ ගොඩ බාන බවට පණිවුඩ යැවීය. ඒ සමඟම ගුවන් යානය අසළට දොරවල් කැපුම් උපකරණ ආදිය රැගන් පිරිස් දිව ගියහ. ඒත් පෙරහුරුවක් නිසා දොරවල් කැපුවේ නැත. දොරවල් විවර කර රතු තීන්ත තැවරුණු ඇඳුම් ඇඳගත් සෙබළු එළියට ගෙන ගිලන් රථවලින් රෝහල් කරා ගෙන එනු ලැබූහ.
යුක්රේනයේ හා තායිවානයේ ගුවන් අනතුරු දෙකකට පසුව මේ පෙරහුරුව සංවිධානය කැරිණි.


