කටුනායක අධිවේගයට සිව්පා කරදර


කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් නිසා බ්‍රහස්පතින්දා රිය අනතුරු  දෙකක් සිදු වු බවත් ඊට ඉක්මනින් පිළියම් යොදන බවත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු පීකේ රණතුංග මහතා කියයි.

මීට පෙර මෙම මාර්ගයේ බල්ලෝ සියයක් දැල් ගසා අල්ලා  ඉවත් කරනු ලැබුහ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදි පයින් ගිය පුද්ගලයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව එහි පොලීසිය කියයි.

කාරයකින් ගිය මේ තැනැත්තා කාරයෙන් බැස ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ඇත.