(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද 15 දින දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් සදහා විවෘත කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ පිටත්වීම සදහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට , අමුත්තන් තිදෙනකු කැදවා ගෙන ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු විය හැකිය .
එසේ පැමිණෙන සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වන අතර , අනෙකුත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් ඔවුන් පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු විය යුතුය .
එසේ පැමිණෙන බාහිර අමුත්තන් සියලු දෙනා හට අත් සෝදා ගැනීමට පහසුකම් ද ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය අසළ සකස් කර ඇති බවද සභාපතිවරයා පැවසීය .
එසේම මුඛ ආවරණ නොමැතිව පැමිණෙන බාහිර අමුත්තන් හට , ඒවා පහසු මිලකට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ද සළසා තිබේ .
මෙසේ ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් , ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය සදහා ඇතුළු වීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු අතර , එවැනි එක් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 300 කි .

