කටුගේ සැකකරු ළඟ තවත් රන් ගොඩක්
කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් බව කියන රන් භාණ්ඩ උණුකර රන් බිස්කට් තැනූ බවට සැකකරන පුද්ගලයා සන්තකයේ තවත් රන් පවුම් 500කට අධික ප්‍රමාණයක් තිබී ඇතැයි කොළඹ අපරාධ කෝට්ඨාස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත අද දැනුම් දුන්නේය.
කඩවත, ඉහළ බියන්වල පදිංචිකරුවකු වන තේනුවර අචාරිලාගේ කැලුම්ගේ නිවෙසින් මීට කලින් සොයාගත් රන් පවුම් 78.75ක් පිළිබඳ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි වාර්තාව ලැබී නොතිබිණි. සැකකරු ලබන 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.

