කටින් චිත‍්‍ර ඇඳ ඇමැතිගෙන් හාදු ගනියි By None // 2012 දෙසැ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය සමාජසේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. දෘෂ්‍ය, ශ‍්‍රවණ මෙන්ම බාහිර ආබාධ සහිත දු දරුවෝ තමන්ගේ නොයෙක් කලා කුසලතා රැස්ව සිටි සභාව හමුවේ පෙන්නුම් කළහ. චිත‍්‍ර, රචනා යන තරඟ වලින් ජයග‍්‍රහණය කළ දරුවෝ ඇමතිවරයා අතින් කුසලතා සම්මානද ලදහ. විවෘත අංශයේ චිත‍්‍ර තරඟයෙන් දෙවැනි ස්ථානය ලබාගත් තොටගල විශේෂ පුහුණු පාසලේ ඉගෙනුම ලබන දිනුෂා බණ්ඩාර දියණිය කෙරෙහි කාගේත් අවධානය යොමු විය. අත්පය හරිහැටි කි‍්‍රයාකාරී නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙලෙන ඇය එම ජයග‍්‍රාහී චිත‍්‍රය ඇඳ තිබුණේ පාට කූරු දත්වලින් අල්ලා ගැනීමෙනි. කුසලතා සහතිකය ලබා ගැනීමට පැමිණි ඇය දුටු අමාත්‍යවරයා මහත් සෙනෙහසින් වඩාගෙන සිප වැළඳ ගත්තේය. තම පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ඇයට රුපියල් විසිපන් දහසක්ද, ඇය ඇතුළු ප‍්‍රථම, දෙවැනි තෙවැනි හා සිව්වැනි තැන් ලබාගත් දු දරුවන්ට එක් කෙනකුට දෙලක්ෂ විසිපන් දහස බැගින්ද දෙන බව ඔහු කීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත