කංසා පැළ 12,120ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)
 
මොනරාගල ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ අක්කර දෙකක භූමියක වවා තිබූ අඩි හතක් පමණ උස කංසා පැළ 12,120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර ගොඩිගමුව තාප්පවත්ත පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු හා කුඩාඔය බෝධිගමුව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
 
ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ කංසා වගා කර ඇති බවට ඇතිමලේ පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ඇතිමලේ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.