කංජිපානි-පොට්ට නව්ෆර්ගේ කුටි වලින් දුරකථන හා සිම්පත් සොයාගනී


(ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානී ඉම්රාන් හා මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමති සිරකරුවන්ගේ සිරකුටිවල සඟවා තිබී ජංගම දුරකථන දෙකක් හා සිම්පත් දෙකක් අද (7) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය පවසයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කළ හදිසි වැටලීමේ දී කංජිපානී ඉම්රාන් නැමති මත්කුඩු ජාවාරම්කරුගේ සිරකුටියේ ඔහුගේ රෙදිපිළිවල ඔතා තිබී එක් දුරකථනයක් හා සිම්පත් දෙකක් ද පොට්ට නව්ෆර් සන්තකයේ තිබී අනෙක් දුරකථනය හා සිම්පත් දෙක ද සොයා ගනු ලැබූ බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

කංජිපානි ඉම්රාන් නැමැත්තා අධිකරණ කටයුත්තක් සඳහා කොළඹට රැගෙන විත් ඇති අතර එම කාලය තුළ ඔහුගේ සිරකුටිය දැඩි පරික්ෂාවට ලක්කර ඇතැයි ද එම ප්‍රකාශකයා කීය.