කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් අදත් ජංගම දුරකථනයක් හමුවෙයි


(ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සඟවා තිබී ජංගම දුරකථනයක්, සිම්පත් හතරක් හා චාජරයක් බන්ධනාගාර බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය  බලකා නිලධාරීන් කණ්ඩායමක් අද (01) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

විශේෂ ගනයේ සිරකරුවන් රඳවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් ජංගම දුරකථන ඇතුලු ආම්පන්න අත්අඩංගුවට පත්ව ඇති හතරවන අවස්ථාව මෙය බවද එහි නිලධාරියෙක් පැවසීය.

පසුගිය සෙනසුරාදා මෙම සැකකරු ඇතුලු විශේෂ ගනයේ සැකකරුවන් 14 දෙනෙක්  තමන්ට හිරිහැර සිදුවන බවට  ආහාර වර්ජනයක යෙදී සිටි අතර මෙම බන්ධනාගාරයට ජෑමර් යන්ත්‍ර සවි කිරීම මීට ප්‍රධාන හේතුව බවද වාර්ථා වේ.