(නිමන්ති රණසිංහ)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි මහතා ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (31) නියෝග කළාය.
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදී ආධාර අනුබල දුන්නැයි සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.
අද (31) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර වූ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස රක්ෂිත බන්ධානාගරගත කෙරිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



