(ඉෂාන් සංජීව)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අධිකරණයට රැගෙන ආවේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්තේය.


