ඕස්ටේ‍්‍රලියාවෙන් පැන්නූ 11ක් රිමාන්ඞ්
මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයින් පස් දෙනකු පිහිවලින් කපා කොටා අත් පා ගැට ගසා මුහුදට විසිකර චේජාන් බහුදින යාත‍්‍රාව කොල්ල කා හොරෙන් ඕස්ටේ‍්‍රලියාවට පලා ගිය බව කියන යාත‍්‍රා කප්පිත්තා ඇතුළු සැකකරුවන් 11 දෙනකු නොවැම්බර් පළමුවැනිදා දක්වා ද, දරුවන් තිදෙනා එදින තෙක් කිතුලම්පිටිය ළමා නිවාසයේ ද රඳවා තබන ලෙස තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මෙනවිය නියෝග කළාය.
එම සැකකරුවන්ගෙන් අට දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.
යාත‍්‍රාවේ කප්පිත්තා වූ කිරින්දාගම වැලිගත්හේතුගේ අජිත් කුමාර හෙවත් චන්ඩි, කතළුව හේවගේ රංජිත් නිශාන්ත හෙවත් කුමාර, කතළුව හේවගේ සංජීව, බටඅත වනිගාබදුගේ සම්පත් කුමාර හෙවත් පොඞී, රන්න උත්පල අමරවීර, තංගල්ල පසික්කු හැන්නදිගේ දයානන්ද, හුංගම වනිගාබදුගේ සිසිර කුමාර හා යෝධකණ්ඩියේ ශාන්ත ප‍්‍රිය ගලප්පත්ති, තංගල්ල පසික්කු හැන්නදිගේ නුවන් ලක්මාල්, රන්න තෙල්ගේ දිනුෂ්ක ප‍්‍රියශාන්ත හා කිරින්දාගම වනිගබදුගේ ඩෙල්සි කල්‍යාණි රිමාන්ඞ් කරනු ලැබූවෝ වෙති.
ඔවුහු සියලූ දෙනා ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කරනු ලැබූවෝ වෙති.
රිමාන්ඞ් භාරයට පත්වූ කනැව්ව හේවගේ රංජිත් නිශාන්ත හා වනිගාබදුගේ ඩෙල්සි කල්‍යාණිගේ දරුවන්ගේ වයස අවුරුදු 3, 7 හා 12කි.

