ඕස්ටේ‍්‍රලියාව ලකුණු 137 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් x මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 137 ක ජයක් ලැබීය. ලකුණු 393 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 255 කට සීමා කිරීමට තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (18)  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම  ඕවර 131 කදී කඩුලූ 5 ට 450 සහ දෙවැනි ඉනිම  ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 278 ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම  ඕවර 119.2 කදී සියලූ දෙනා දැවී 255 (දිමුත් කරුණාරත්න 30, කුමාර් සංගක්කාර 63, මහේල ජයවර්ධන 19, තිලාන් සමරවීර 49, ඇන්ජලෝ මැතිව්ස් 19, ප‍්‍රසන්න ජයවර්ධන 21, මිචෙල් ස්ටාක් 63/5, පීටර් සිඞ්ලි 50/4)