ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 ට 150 යි


ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී අද (26) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී 150 ක් රැස්කර සිටියේය.
 ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 156 කට සීමාකිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156 (තිලකරත්න ඩිල්ෂාන් 11, කුමාර් සංගක්කාර 58, තිලාන් සමරවීර 10, ඇන්ජලෝ මැතිව්ස් 15, ප‍්‍රසන්න ජයවර්ධන 24, රංගන හේරත් 14, මිචෙල් ජොන්සන් 63/4, ජැක්සක් බර්ඞ් 32/2, පීටර් සිඞ්ල් 30/2, නේතන් ලියොන් 23/2)
 ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 39 කදී කඩුලූ 3 ට 150 (එඞ් කවන් 36, ඬේවිඞ් වෝනර් 62, පිලිප් හියුස් 10, ෂේන් වොට්සන් නොදැවී 13, මයිකල් ක්ලාක් නොදැවී 20)