ඕස්ටේ‍්‍රලියා සංගීත තරගෙන් ලාංකිකයෙක් ජයදද බඳී


ශ්‍රී ලාංකිකයකුවන ඇන්ඞ්රූ සිල්වා  ඕස්ටේ‍්‍රලියාවේ ජනපි‍්‍රය ”ටැලන්ට් ගෝ” සංගීත තරගයකින් ජයග‍්‍රහණය කැර  ඕස්ටේ‍්‍රලියා ඩොලර් 250000 (රුපියල් කෝටි 3.38ක) තෑග්ගක් දිනා ගනියි. පෞද්ගලික ගැටළු රැසක් ජයගත් ඔහු කියනුයේ තෑග්ග නිසා ණය ටිකබේරාගත හැකි බවයි. අවුරුදු දහයක හා හතරක දියණියන් දෙදෙනකුගේ පියකුවන සිල්වා පවසනුයේ පිළිකාවත් ගොත ගැසීමත් ජයගෙන මේ තරගයෙන්ද ජයගත් බවයි. වසර දොළහකට පෙර ඔහු හා විවාහවූ එල්ලි කියනුයේ මේ තරගයත් සමග ඔහුගේ ජීවිත ගමන් මගද වෙනස්වූ බවයි. තරග විනිසකරු ඩැනිල් මිතෝග් පැවසුයේ සංගීතයෙන් ඔහුට සාර්ථක අනාගතයක් ඇති බවයි. දෙවැනි තෙවැනි තැන්වලට තේරුණු වුල්ෆ් සහෝදරයන් පවසනුයේ තරගයේදී හමුවූ හොඳම මිනිහා ඔහු බවයි.