ඕස්ටේ‍්‍රලියා යන්න ආ 75ක් රිමාන්ඞ්


‘‘ඈන් මයිකල්’’ ධීවර යාත‍්‍රාවෙන් පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ මීගමු වෙරළේ සිට  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී සැක පිට අත්අඩංගුවට ගත් 75 දෙනෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබූහ. බාලවයස් කරුවෝ දෙදෙනෙක් රුපියල් 50000ක බැඳුම්කරයක් මත මුදාහරිනු ලැබුහ. සූරසිංහ ආරච්චිගේ සමන් එම යාත‍්‍රාවේ නියමුවා බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.