ඕස්ටේ‍්‍රලියා ගමන ත‍්‍රිමලෙන්ම නවතී


හලාවත ව්‍යාපාරිකයකුට අයත් බව කියන යාත‍්‍රාවකින්  ඕස්ටේ‍්‍රලියාවට යෑමට තැත් කළැයි කියන 41 දෙනෙක් ත‍්‍රිකුණාමලයට කිලෝමීටර් 15 ක් ඈත මුදුදේ යාත‍්‍රා කරමින් සිටියදී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. කතුන් හා කුඩා දරුවන් ද අයත් එම පිරිස යාපනය, කිලිනොච්චිය හා ත‍්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.