ඕස්ට්‍රේලියාව ආසියාව දෙසට හැරෙයි


ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ජව ගැන්වීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ පුහුණු ශ්‍රමය සපයා ගැනීමට එරට  සංක්‍රමණික හා පුරවැසි ඇමැති ක්‍රිස් බ්‍රවන් ආසියා සියවස් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරයි. ඉන්දියාව, චීනය, පිලිපීනය, ශ්‍රි ලංකාව, මලයාසියාව, දකුණු කොරියාව හා වියට්නාමයේ උගත් හා පුහුණු ශ්‍රමිකයන් යොදා ගැනීමට ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙයි.  ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගෙන් සියයට 23ක් ඉන්දියා උප මහද්වීපයෙනි. සියයට 18ක් උතුරු ආසියාවෙනි.