(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (16) සහභාගි වූ තුන්වැනි තරගයේදී ඕස්ටේ්‍රලියාව හමුවේ කඩුලු 10 කින් පරාජය විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 112
(හර්ෂිතා මාධවී 34, චමරි අතපත්තු 16, විශ්මි ගුණරත්න 24, නිලක්‍ෂි සිල්වා නොදැවී 15, මේගන් ෂූට් 24/4)
ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 15.5 කදී කිසිවකු නොදැවී 113
(ඇලිස්සා හේලි නොදැවී 54, බේත් මුනෙයි නොදැවී 56)

