ඕස්ට්‍රේලියා යන 53 දෙනෙක් අදත් අත්අඩංගුවට


ත්‍රිකුණාමලයේ ඔඩවකට්ටු ධීවර තොටුපොළේ සිට පිටත් වූ බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාව බලා හොරෙන් යමින් සිටි 53 දෙනකු මුහුද මැද දී අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාර දුන් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. මීට පෙර මෙවැනි බෝට්ටු පහක් අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි පිරිස වැඩි දෙනා ත්‍රිකුණාමලය, මීගමුව හා යාපනයේ පදිංචිකරුවන් බව හමුදාව කියයි.