ඕස්ට්‍රේලියා ගමන හලාවතින් නවතී
එක් අයෙකුගෙන් රුපියල් නවලක්ෂය බැගින් ගෙන ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් යැවීමට සිටි 18 දෙනෙකුද, ජාවාරම්කරුවන් බව කියන දෙදෙනෙකුද ත්‍රීරෝදරථ රියදුරන් දෙදෙනකුද හලාවත මුන්නේෂ්වරම්හිදී අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
මේ පිරිස ත්‍රීරෝද රථවලින් මුන්නේෂ්වරමට රැගෙන යද්දී වැටලීම සිදු කර ඇත.

