ඕස්ට්‍රේලියා ගමන වරදී
ඕස්ට්‍රේලියා යන්නට ගිය දකුණේ හා උතුරේ 56ක් ඉන්දියා මූදු සීමාවේදී යාත්‍රාව කැඩී මුහුදේ පාවෙමින් සිට, තමිල්නාඩුවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ ද කාලය ගත කර අද කටුනායකින් දිවයිනට රැගෙන එනු ලැබූහ.
ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය මැදිහත්ව මොවුන් ආපසු ගෙන ආහ.
මසුන් මැරීමට මුහුදු යන මුවාවෙන් මුලින්ම මීගමුවෙන් ගිය හතර දෙනා යාපනයෙන් 52ක් පටවාගෙන යද්දී මුහුදේදී එය කැඩී දින දහයක් පමණ මුහුදේ පාවෙමින් සිටියදී ඉන්දීය ධිවරයන්ට හමුවී ඇත. මසකට ආසන්න කාලයක් ඔවුහු ඉන්දියා සරණාගත කඳවුරුවල ගත කළහ.

