ඕස්ට්‍රේලියා ගමන ත්‍රි‘මලෙන් නවතී
හොරෙන් ඕස්ට්‍රේලියා බලා යෑමට ආ 37 දෙනකු මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික ජැටියට රැගෙන අවුත් පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි. පිරිමින්ගෙන් සමන්විත මෙම පිරිසේ දෙමළ ජාතිකයෝ 28 දෙනෙක් වෙති. සෙස්සෝ සිංහලයෝය. ඔවුහු ත්‍රිකුණාමලය, කුරුණෑගල, මුතුර් හා යාපනයේ පදිංචිකරුවෝය .බෝට්ටු රියැදුරාද සිංහලයෙකි.

