ඕස්ට්‍රේලියා ඇමැති බෑ කියයි


දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් මෙරට සංචාරයක නිරත වී සිටි ඕස්ට්‍රේලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

දින දෙකක් මෙරට රැඳී සිටි ඒ මහතා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමු නොවීම ගැන මෙරට ඕස්ට්‍රේලියා තානාපතිනිය වන රොබින් මර්ඩි  දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියයි.