ඕඅයිසීගේ විමර්ශන අතරමඟ නවතී?


අල්ලස් සිද්ධියක් ගැන පැමිණිලි කළ තරුණයකුට එම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නැයි තර්ජනය කළ බව කියන ගම්පහ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයකු ප්‍රදේශයේ දේශපාලනඥයකු මගින්  ස්ථානමාරුවක් හදා ගැනීමට  උත්සාහ කරතියි පොලිස් ආරංචි කියයි.

එම තරුණයා නොවැම්බර 12 වැනි දා ද පොලිසියට පැමිණිල්ලක් කළ අතර ඒ සම්බන්ධයෙන් අඩු ගණනේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැත.

ඔහු සම්බන්ධ විමර්ශන අතර මඟ නැවතී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ඔහු වෙනත් පොලිසියක ස්ථානාධිපතිවරයකු ලෙස පත්කිරීමේ සූදානමක් නැති බවයි.