ඕ.ටී.කැපුවාට සුව සේවකයෝ උරණ වෙති


(රංජන් කස්තුරි)

සෞඛ්‍ය සේවකයන්ගේ අනුමත අතිකාල පැය ගණනින් සියයට 15ක ප්‍රමාණයක් කපා හැරීමට ගත් තිරණයට විරෝධය දක්වමින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයන් පිරිසක් අද දහවල් සෞඛ්‍ය ලේකම්වරයාගේ නිලකාමරය වටකර දැඩ විරෝධතාවක නිරත වූහ.

අතිකාල කපා දැමීමෙන් තමන්ට බලවත් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සඳහන් කරමින් සෞඛ්‍ය සේවකයන් කෑ කෝ ගසමින් ලේකම්වරයාට දැඩි විරෝධයක් දැක්වූහ.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ආණ්ඩුවේ තීරණයක් මත එම ක්‍රියාමාර්ගය ගත් අතර එය ආපසු හැරවිය නොහැකි බවයි.