ඔහිය ගින්න බදුලු දුම්රියත් නවත්වයි


ඔහිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 60ක් පමණ වැනසී ගිය බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.  වන නිලධරයෝද, දියතලාව යුද හමුදා කඳවුරේ සෙබළු ද, ගම් වැසියෝ ද ගින්න නිවීමට උත්සාහ කළහ. ගින්න පැතිරයාම නිසා බදුලු දුම්රිය ධාවනය වනුයේ හපුතලේට පමණි. පැයකින් පමණ යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට හැකිවෙතියි දුම්රිය බලධරයෝ කියති.