ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් නුවරට සති හයක කාලයක් සඳහා අද (7) අගුළුදැමීය.
නව කොරෝනා වයිරසයේ නැවත වරක් ව්‍යාප්ත වීමට ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙම පියවර ගත් අතර අත්‍යවශ්‍ය කටයුත්තකට හැර මෙල්බර්න් නුවර වැසියන්ට සිය නිවෙස්වලින් පිටතට යා නොහැක.
මෙම නව ‘ලොක්ඩවුන්’ සීමා සමඟ මිලියන 4.9කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති. මෙල්බර්න් යනු වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරය යි. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසර 100 කට පසු වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් අතර ප්‍රාන්ත අතර සීමා වසා දැමීමට ද ඔස්ට්‍රේලියානු බලධාරීහු ඉකුත් දා පියවර ගත්හ.
මෙල්බර්න් වැසියන් බදාදා සිට සිය නිවෙස්වල රැඳී සිටිය යුතු අතර අධ්‍යාපන, රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ආහාර සහ ඖෂධ ලබාගැනීම යනාදියට පමණක් නිවෙස්වලින් පිටතට පැමිණීමට අවසර හිමි වේ.
ආපනශාලා, අවන්හල්, බිමහල් විවෘතව තැබුණද එම ස්ථානවල සිට ආහාර පාන ලබාගත නොහැක.කායවර්ධන මධ්‍යස්ථාන සහ සැලූන් වසා දැමේ. නිවෙස්වල එක්රැස්වීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කර ඇති අතර පාසල් නිවාඩුව ද දීර්ඝ කර ඇත.
ඔස්ට්‍රේලියාවෙන් අඟහරුවාදා, එනම් අද (7) දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 199 දෙනකුවාර්තා වූ අතර ඉන් 191 දෙනකුම වාර්තා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි. අප්‍රේල් මාසයෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන එය විය.
ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 8,800කට ආසන්න වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 106කි. එය අනෙක් බොහෝ රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණනට වඩා අඩු වුවද පසුගිය දින කිහිපයේදී වයිරස ආසාදිතයන් වාර්තා වීමේ වේගය වැඩි වීමත් සමඟ ඔස්ට්‍රේලියානු බලධාරීහු කනස්සල්ලට පත්ව සිටිති.
වික්ටෝරියා ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර සීමාව අද මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමෙන අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා සෙබළුන් සිය ගණනක් යෙදවීමට ද ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.
ප්‍රාන්ත දෙක අතර සීමාව කිලෝමීටර සිය ගණනකින් යුක්තය.
පාසල් සිසුන්, මඟීන්, ඇතුළු විශාල පිරිසක් දිනපතා මෙම සීමාවෙන් එහා මෙහා ගමන් කර අතර භාණ්ඩ ප්‍රවාහනයට ද යොදාගැනේ.
කිසිදු අවසරයකින් තොරව ප්‍රාන්ත සීමා මාරුවන පුද්ගලයන්ට ඇමෙරිකානු ඩොලර් 11,000 (ඕස්ටේලියානු ඩොලර් 7,700ක) දඩයක් නියම වන අතර මාස හයක් සිරදඬුවමක් විඳීමට ද සිදුවනු ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවයත් ප්‍රදේශයකින් ද නව කොරෝනා වයිරස ආසාදිතයන් හමු වී ඇති අතර එම ප්‍රදේශය ද මෙල්බර්න් නුවර මෙන් ලොක්ඩවුන් සීමාවලට යටත්වනු ඇත. එම ප්‍රදේශයේ 44,000 කට ආසන්න පිරිසක් ජීවත් වෙති.
මෙල්බර්න් නුවරට ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් සමඟ ආර්ථිකය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරගැනීමේ ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තුවලට දැඩි පහරක් එල්ල වී තිබේ.
මාර්තු මාසයේ පැනවූ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අදාළ සීමා, ලොක්ඩවුන් සීමා යනාදිය නිසා ඔස්ට්‍රේලියාවේ ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ විය. මේ තත්ත්වය හේතුවෙන් දශක තුනකට පසු පළමු වරට ඔස්ට්‍රේලියානු ආර්ථිකය සැළකිය යුතු පසුබැසීමකට ලක්ව ඇත.
රොයිටර්
(055)



