ඔලිම්පියාඩ් තෙවැනි තැන කුරුණෑගල මෙවන්ට By None // 2012 ජුලි 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආජන්ටිනාවේ පැවති 53 වැනි ජාත්‍යන්තර ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මෙවන් නිලුමින්ද විජේවර්ධන (16) සිසුවාට ලෝකඩ පදක්කමක් හිමිවිය. මෙම තරඟාවලියේදී තරඟකරුවකුට ලැබිය හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 42 කි. ලකුණු 28 ට වඩා ගතහොත් රන් පදක්කමත්, ලකුණු 21 ට වැඩිනම් රිදී පදක්කමත්, ලකුණු 14 ට වැඩිනම් ලෝකඩ පදක්කමත් හිමිවේ. මෙවන් නිලුමින්ද ලකුණු 16 ක් ලබාගනිමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තේ රටවල් 100 ක තරඟකරුවන් 544 ක් අතරින් 205 වැනි තැනට පත්වෙමිනි. ලෝකඩ පදක්කම දිනා ලංකාවට පැමිණි මෙවන් නිලුමින්ද පිළිගැනීමට අධ්‍යාපන ආමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත