ඔලිම්පික් විකාශයට අතුරු තහනමක්
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තනි විකාශන අයිතිය ඉල්ලමින් රූපවාහිනී සංස්ථාව පැවැරූ නඩුවෙන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එම්.ටී.වී හා එම්.බී.සී. රූපවාහිනි නාළිකාවලට අද අතුරු තහනමක් නිකුත් කෙළේය. බැලූ බැල්මට පැමිණිල්ලට නඩු නිමිත්තක් ඇතැයි තීරණය කළ විනිසුරු ලබන අගෝස්තු 27 වැනි දාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවනට නියෝග කෙළේය.

