ඔලිම්පික් විකාශ තින්දුව ජුලි 29


ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා සජීවි ලෙස විකාශනය කිරීමෙන් එම් ටී වී හා එම්.බී.සී. රූපවාහිනී   වළක්වන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව  ඉල්ලා සිටි තහනම් නියෝගය පිළිබඳ තීන්දුව  කොළඹ වානිජ මහාධිකරණ  විනිසුරු ගාමිණි අමරසේකර මහතා ලබන 29 වැනිදාට කල් තැබීය. පාර්ශව තුනම මීට පෙර ලිඛිතව කරුණු දැක්වීය. ඒෂියන් බ්‍රෝඞ් කාස්ටින් යුනියන්හි ජවාඞ් මොට්පාගී සමග 2011. 12.6 වැනිදා අත්සන් කළ ගිවිසුම අනුව එම විකාශනය  පිළිබඳ ශ්‍රී ලංකාවේ තනි  අයිතිය තමනට බව ශ්‍රී ලංකා රූපවාහිනිය කියයි.