ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් ක‍්‍රීඩක රොජර් ෆෙඩරර් පරදවා දිනා ගැනීමට සත්කාරක බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ සමත්විය.
ජුලි මස 8 වැනිදා නිමා වු විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේදී ඇන්ඩි මරේ පරදවා ශූරතාව දිනාගත් ෆෙඩරර් ඔලිම්පික් තරගාවලියේදී පරාජය වීම කැපී පෙනේ.
ෆෙඩරර්, විම්බල්ඩන් ශූරතාව සමග ලෝක ටෙනිස් සම්මේලන (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටියි. රන් පදක්කම් ලාභී ඇන්ඩි මරේ එම ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ සිවුවැනි ස්ථානයේය. මරේ 6/2, 6/1, 6/4 ක් ලෙස අවසන් මහා තරගය පහසුවෙන් ජය ගත්තේය.
කාන්තා කේවළ ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ ෂෙරීනා විලියම්ස් දිනා ගත්තාය. අවසන් තරගයේදී රුසියානු ක‍්‍රීඩිකා මාරියා ෂර්පෝවා (6/0, 6/1) පරදවා ෂෙරීනා තරගය ජය ගත්තාය. ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව (ක‍්‍රීඩිකාවන්) ෂර්පෝවා තෙවැනි ස්ථානයේද, ෂෙරීනා සිවුවැනි ස්ථානයේද සිටිති.