ඔලිම්පික් ජය ගෙනාවේ මිරිගම කොල්ලෙක්


2012 පැරා ඔලිම්පික් තරගවලියේ දී ශ‍්‍රී ලංකාවට අද ප‍්‍රථම වරට ලෝකඩ පදක්කමක් හිමි විය. මේ තරග එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වේ. මීටර් 400 ඉසව්වෙන් මෙම පදක්කම හිමි කරගත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේලාන්ස් කෝප‍්‍රල් යූ.පී. ප‍්‍රදීප් සංජයයි  2008 දී යුද හමුදාවට බැදී හය මාසයකට පසු කිලිනොච්චියේ දීී එල්ල වූ කොටි ප‍්‍රහාරයකින් ඔහුට වම් අත අහිමි විය.  මීරිගම නාල්ල මල්විලවත්තේ පදිංචි ඔහු දෙමස් වියැති පුතකුගේ පියෙකි.‍ෙඔහු තරගය නිම කිරීමට ගත් කාලය තත්පර 49.28 කි.   ශ‍්‍රී ලංකාවට පළමු වරට පැරා ඔලිම්පික් පදක්කමක් ලබා දුන් ක‍්‍රීඩකයා ලෙස ප‍්‍රදීප් සංජය ඉතිහාස ගත වනු ඇත. ඔහු 2010 චීනයේ පැවති ආබාධිතයන්ගේ ආසියානු ක්‍රීඩා උළෙලේදී  ද මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේය. මීරිගම දෙල්වල ඕල්කට් මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රදීප් පාසල් සමයේ සිටම ජවන හා පිටිය කී‍්‍රඩා ඉසව්වලින් පෙරටම ගිය කී‍්‍රඩකයෙකි.