ලබන සිකුරාදා (27 වැනිදා) ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව මහත් කුතුහලය දනවන්නක් වනු ඇතැයි ලන්ඩන් නුවර ඔලිම්පික් කී‍්‍රඩා සංවිධාන කමිටුව පවසයි. ඒ සඳහා තෝරාගනු ලබන්නේ කවුරුන්ද යන්නත්, ඔලිම්පික් ගිනි සිළුව දැල්වෙන කල්දේරම පිහිටුවන ස්ථානයත් මේ වන තෙක් හෙළිදරව් වී නැති අතර එය එංගලන්තයේ ‘සුරක්‍ෂිත රහසක්’ ලෙස පවතින බවත් ඔලිම්පික් කී‍්‍රඩා සංවිධායකයෝ කියති.
”ඩැනි බොයිල් මහතාත් ඇතුළත් වන (ඔස්කාර් සම්මාන දිනූ ‘ස්ලම් ඩෝග් මිලියනයර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා) සංදර්ශන කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡුා කරගෙන යනවා”
”ඒක සාමූහික තීරණයක්, කාලයක් තිස්සේ ඒ ගැන සාකච්ඡුා වෙමින් පවතිනවා” යයි බි‍්‍රතාන්‍ය ඔලිම්පික් සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි හන්ට් මහතා පැවසීය.
මෙම අවස්ථාව බි‍්‍රතාන්‍ය වෙනුවෙන් කී‍්‍රඩාවේ විශිෂ්ට දස්කම් දැක්වූ කී‍්‍රඩකයකුට ගෞරව කිරීමක්ද නැතහොත් අති විශාල අවධානයක් දිනාගැනීමේ අවස්ථාවක්ද යන්න කළ විමසීමකට පිළිතුරු දෙමින් හන්ට් මහතා පවසා ඇත්තේ එය කුතුහලය දනවන අවස්ථාවක් විය හැකි බවයි.
ඔලිම්පික් ගිනි සිළුව දැල්වීම සඳහා ඉදිරිපත් කර ඇති නම් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයන් අතර දස ප‍්‍රයාම කී‍්‍රඩාවේ හිටපු ශූරයකු ඬේලි තොම්සන් මෙන්ම ඔරු පැදීමේ කී‍්‍රඩාවේ බි‍්‍රතාන්‍යයේ හිටපු ශූරයක වන ස්ටීව් රෙඞ්ගේ‍්‍රව් ඉදිරියෙන්ම සිටිති.
මේ වෙනුවෙන් ඔට්ටු දමන්නන්ගේ තේරීම වී ඇත්තේ 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේ සිට වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙල දක්වා බි‍්‍රතාන්‍යය වෙනුවෙන් රන් පදක්කම් 5 ක් දිනාගත් ස්ටීව් රෙඞ්ග්‍රෝව් වන නමුත් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපති වන සෙබස්තියන් කෝගේ ගජ මිතුරකු වන ඬේලි තොම්සන්ට එම අවස්ථාව හිමිවීමේ ඉඩක් පවතින බවත් වාර්තාවේ.