ඔලිම්පික් ගමේ ආරක්ෂාව කමකට නෑ By None // 2012 ජුලි 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගුවන්තොටු පොළක තරම් දැඩි ආරක්ෂාවක් ඇතැයි කියන ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂව ගැන ලන්ඩන් පත්තර ඔලිම්පික් සංවිධායකයනට හොඳටම දෙහිකපයි. කනස්සල්ල පළ කරයි. විවෘත කිරිමේ උළෙලේ දී ඉන්දියා ක්‍රීඩකයන් අතරට ආගන්තුක තරුණියක අවුත් ඔවුන් සමග ගමන් කිරීම, බොරු බෝම්බයක් රැගත් ඩිගර් යන්ත්‍ර ක්‍රියාකරුවකු කිසිවකුටත් නොදැනී එහි ඇතුළු වීම ආරක්ෂක හිඩැස් ලෙස සැළැකේ. ආරක්ෂක මුරපොළ දෙකක්ම කිසිම ප්‍රශ්නයක් නැතිව පසුකැර යෑමට ‘ඩිගර්‘ රියැදුරා සමත්විය. ඉන්දියා, හැඳුනුම්පතක් වත් නැතිව වෙනමම ඇඳුමකින් සැරසී සිටි තරුණිය තම පෙළපාළියට එක් වූයේ කෙසේ දැයි ඉන්දියා, ඔලිම්පික් සංගමයේ උප සභාපති ටර්ලෝචන් සිං අසයි. ඇය අධික ලෙස කලබලයට පත්වූ ස්වේච්ඡා සේවිකාවකියි ලන්ඩන් ඔලිම්පික් සභාපති සෙබස්ටියන් කෝ කියයි. ඉන්දියා පුවත්පත් පැවැසුයේ මධුරා හනී නම් එම තරුණිය බංගලෝරයෙන් අවුත් ලන්ඩනයේ පශ්චාත් වෛද්‍ය උපාධියක් හදාරන බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත