ඔලිම්පික් උළෙලේදී නිලූකගේ ප‍්‍රතිවාදියා ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැන්නා


එංගලන්තයේ ලන්ඩන් නුවරදී හෙට (27) ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) අටවැනි ස්ථානයේ සිටින ජපානයේ කිනිචි ටැගෝ සමග තරග වදියි. බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින නිලූක, සහභාගිවන මෙම ‘සී’ කොටසේ පළමු තරගය අනිද්දා (28) පැවැත්වීමට නියමිතය. පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක, එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වෙයි. ටැගෝ, ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියෙන් සිටි ක‍්‍රීඩකයකු වුවද, නිලූක, වත්මන් ජාත්‍යන්තර තරගවලදී දස්කම් අතර සිටීම නිසා තරගය තියුණු තරගයක් වනු ඇත. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු පළමු ක‍්‍රීඩකයා වෙමිනි. ක‍්‍රීඩා උළෙලට අවසන් මොහොතේදී සුදුසුකම් ලැබු බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ, තායිලන්තයේ රැච්නොක් ඉන්ටැනොන් සහ පෘතුගාලයේ ටෙල්මා සැන්තෝෂ් සමග මුලික වටයේදී තරග වැදීමට නියමිතය. තිළිණි, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකා) 118 වැනි ස්ථානයේ පසුවෙයි. තායිලන්තයේ ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේද, පෘතුගාලයේ ක‍්‍රීඩිකාව එහි 73 වැනි ස්ථානයේද සිටිති.ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නජපානයේ කිනිචි ටැගෝ