ඔබාමා සමග කෑම කෑ සතුටට කතක මැරේ
ඇමෙරිකාවේ ජනාධිපතිවරණ සටනේ නිරතවන ගමන් ජනාධිපති බරක් ඔබාමා මහයෝ ප‍්‍රාන්තයේ ඇක්රන් අවන්හලට ගොස් එහි හිමිකාරිය ජොසමින් ඈන් හැරිස් (70) සමග උදේ ආහාරය ගත්තේය. ඔබාමාට තම අවන්හලේදී ආහාර වේලක් පිරිනැමීම ඇගේ තදබල ආශාව ඉබේම ඉටුවූ සතුටින් පිනා ගිය ඇය ඉන් පැයකට පසුව මිය ගියාය. ”එයාර්පෝස් 1” ගුවන් යානයෙන් ගමන් කරමින් සිටි ඔබාමා ඇගේ දියණිය විල්මාට දුරකථනයෙන් කතාකොට තම ශෝකය පළ කළේය.

