ඔත්තු කැමරාවෙන් චීන්නු දෙන්නා රිමාන්ඞ්


කොමර්ෂල් බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයට විද්‍යුත් උපාංග සවිකැර බැංකු ටෙලර් කාඞ්වල දත්ත හොරෙන් ලබාගන්නට උත්සාහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. සමීප රූප කැමරා ඔවුන්ගේ හොරය අල්ලාගෙන ඇත. ලෑං ඬේ මිං හා ඩෙං හෑං ජුං ඔවුහුය. තවත් මෙවැනි දෙදෙනකු සොයන බව රහස් පොලිසිය උසාවියට දැන්වීය.