ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට නයිජීරියානු වදන් 29ක් එක්වෙයි


ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නව මුද්‍රණය සඳහා නයිජීරියානු වචන සහ කියමන් 29ක් එක් කර තිබේ.
 
අලුතින් එක් වූ වදන් කිහිපයක් පහත දැක්වේ.
 
Kannywood – නයිජීරියානු හවුසා භාෂාවට අනුව කැනෝ නම් නගරය කේන්ද්‍රකරගනිමින් ඇති වූ සිනමා කර්මාන්තය මෙලෙසින් හඳුන්වයි.

Ember months – සැප්තැම්බර්යේ සිට දෙසැම්බරය දක්වා වසරේ අවසන් මාස

next tomorrow - අනිද්දා

To rub minds - උපදෙස් විමසමින් එක්ව කටයුතු කිරීම

barbing salon - කොණ්ඩා කපන ස්ථානය
 
ඔක්ස්ෆර්ඩ් ශබ්කෝෂයේ ඉංග්‍රීසි භාෂා සංස්කාරකවරිය වන ඩැනිකා සලසාර් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.
 
“ඔක්ස්ෆර්ඩ් කියන්නේ, ඓතිහාසික ශබ්දකෝෂයක්. එහි කාර්ය භාර්ය වන්නේ, ඉංග්‍රීසි භාෂාව භාවිතයේ සංවර්ධිත අවස්ථා ගැන කතාන්දරය ඉදිරිපත්කිරීමයි. ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක්. ලෝකයේ විවිධ රටවල විවිධ පසුබිම් යටතේ සිටින මිනිසුන් අලුතින් වචන නිර්මාණය කරනවා.
 
අපේ කාර්යභාර්ය තමයි ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය ගැන පැවසීම. එතැනදි නයිජීරියානුවන්ගේ දායකත්වය අමතක කළොත් කතාන්දරය සම්පූර්ණ වෙන්නෙ නෑ” යැයිද ඇය පැවසුවාය.
 
(සීඑන්එන් ඇසුරිනි)

16844