නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම එදින පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය - කොළඹට විරෝධතා රැළිය පවත්වන ස්ථාන පහ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.
විරෝධතාවය පවත්වනු ලබන ස්ථාන පහ පිළිබඳව ඊට පසුදින (5) නිවේදනය කරන බවද ඔහු කීය.
මෙම විරෝධතාවය ඉතාම සාමකාමීව පවත්වන බවත් ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය අනුව විරෝධතාවය දිගටම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

