ඒකාබද්ධයේ උද්ඝෝෂණ පවත්වන්න කොළඹ ස්ථාන 5 ක් වෙන්කර ගනී


 

නාලක සංජීව දහනායක

 

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ලබන මස 5 වැනි දා පැවැත්වීමට නියමිත ජනබලය - කොළඹට උද්ඝෝෂණය පැවැත්වීම සඳහා දැනටමත් කොළඹ නගරයේ ස්ථාන පහක් නීත්‍යානුකූලව වෙන්කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (29) පැවසීය.

උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් ආණ්ඩුව උසාවි නියෝග ගන්නා බැවින් එම ස්ථාන සම්බන්ධයෙන් දැන්ම යමක් හෙළිදරව් කළ නොහැකි බවද මන්ත‍්‍රීවරයා කීය.

මෙය සාමකාමී උද්ඝෝෂණයක් ලෙස පවත්වන බවත් උද්ඝෝෂණය අවසානයේදී සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට කටුයතු කරන බවද ඔහු කීය.

ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.