අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් සභාව මැදට පිවිසීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒ සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස සභාව මැදට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා සභාව විනාඩි 12කට කල් තැබිණි.

