ඒ රන් ගුලි නුගවෙල දිසාවගේ කඩුවෙන් නොවේ


කඩවත බියන්විල රන්කරු තේනුවර ආරච්චිගේ කැළුම් ළඟ තුබූ රන් ගුලි කොළඹ කටුගෙයින් සොරාගත් රන් භාණ්ඩ උණුකැර ලබාගත් රන් නොවේ යැයි කොළඹ අපරාධ විමර්ශන අංශයට කොළඹ  විරාම උසාවි විනිසුරු එස්.එස්.කේ.  විතාන මහතාට දැන්වීය.ඒ අනුව ඔහු මුදාහල විනිසුරු යලි දැනුම් දුන්නොත් උසාවි එන්නැයි නියෝග කෙළේය. නුගවෙල අදිකාරම්ගේ රන් කඩුව උණුකැර රන් බෝල තබාගන්නට ඇතැයි පොලිසිය අධිකරණයට කියා සිටියත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ ඔහුගේ  රන් ගුලි සොයා ගැනුනේ කටුගෙයි සොරකමට කලින් බවයි. ඔහු කොටි සැකකරුවකු බවද පොලීසිය තවත් චෝදනාවක් නැඟී යැයිද නීතිඥවරයා කීවේය.