(ඉන්දික අරුණ කුමාර)
පවත්නා අධික වර්ෂා තත්ත්වය හමුවේ මහනුවර - යාපනය ඒ නවය මාර්ගය නාඋල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත.
අද (20) පැවති වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ලවිය. නාඋල - බොබැල්ල මන් සංධියේ සිට නාඋල නගරය දෙසටත්, දඹුල්ල දෙසටත් රථ වාහන තදබදය පැවතිණි. නාඋල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු වාහන තදබදය අවම කිරීමට කටයුතු කරමින් සිටියහ.





