ඒ.එස්.පී විභාගයෙන් වසරකට පසු සම්මූඛ පරීක්ෂණ


පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සඳහා 2016 වසරේදී පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී සම්මූඛ පරීක්ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
 
ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් කරගෙන යන බව ද කුරේ මහතා කීවේය.
 
ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා 2015 වසරේ ගැසට් නිවේදනය නිකුත් කර විභාග පවත්වා වසරකටත් අධික කාලයක් ගතවී ඇතත් මේ වන තෙක් සම්මූඛ පරීක්ෂණ නොපැවැත්වූ බව අයදුම්කරුවෝ චෝදනා කළහ.