( තිළිණි ද සිල්වා )
මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි වසා දමා ඇති ඒ-26 මාර්ගය විවෘත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහනුවර පදිංචිකරුවන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.
මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි ඒ-26 මාර්ගය වසා ඇත්තේ කාගේ නියෝගයකට අනුවදැයි යන්න සම්බන්ධයෙන් එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම ඊවා වනසුන්දර , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය , මහනුවර විධායක ඉංජිනේරුවරයා, මහනුවර මහනගර සභාව , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

