(ඉන්දිකා රාමනායක)
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අද (06) අනුමැතිය ලබා දී ඇත.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා ඉකුත් 4 වැනි දින එම ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් හිස් වූ එම තනතුරට ලයනල් ගුණතිලක මහතා පත්කර ඇත.
ලයනල් ගුණතිලක මහතා නව පත්වීමට පෙර විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

