(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් අවසන් විනය පරීක්‍ෂණ කිහිපයක් සදහා ලබන 14, 15 දිනවල කැදවා ඇතැයි පක්‍ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ලබන 14 වැනිදාත්, විජිත් විජිතමුණි සොයිසා මහතා 15 වැනිදාත් විනය කමිටුව හමුවට කැදවා තිබෙන බව ද මහලේකම්වරයා සදහන් කළේය.
පක්‍ෂ විනය කඩකරමින් ක‍්‍රියා කළ අයට එරෙහි පරීක්‍ෂණ දිගටම සිදුවන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සදහාත් මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග කර ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට හා ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලූ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණ බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

( ඡායාරූපය-ජයමාල් චන්ද්‍රසිරි)

