එස්.ටී.එෆ්.ලංකාවේ නම බේරාගනී
පොහොර සඳහා යොදා ගන්නා මට්ටමේ කසළ තේ කිලෝ 50,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ගම්පහ බෙම්මුල්ලේ ගබඩාවකින් අත්අඩංගුවට ගෙන ඇත. හොඳ තේ සමග මිශ්‍ර කැර ඉරාකයට යැවීම සඳහා මෙම තේ එහි ගබඩා කරන්නට ඇතැයි පොලීසිය කියයි. ව්‍යාපාරිකයා ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

